යාපනය කොටුව

යාපනය කොටුව

වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිමේරා යටතේ මෙම යාපනය කොටුව ඉදිකර ඇත. ලන්දේසී ජාතික රේක්ලොඔප් වැන් ගොයින්ස් යටතේ වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර ඇත. ක්‍රි.ව. 1795 දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත් වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි ආරක්ෂක බලකොටුවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

පසුගිය යුධ සමයේදී යාපනය කොටුවට විශාල වශයෙන් හානි සිදුවී ඇති අතර පසුව රජය විසින් සංචාරකයින් ආකර්ශනය කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස අළුත් වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන ලදි.