දඹකොළපටුන (ජම්බුකෝලපට්ටන) හා විහාරය

දඹකොළපටුන (ජම්බුකෝලපට්ටන) හා විහාරය

දඹකොළපටුන වඩාත් ප්‍රකට වනනේ බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙනි. යාපනය දිස්ත්‍රික්කයේ යාපන නගරයට කි.මී. 20 ක් දුරින් හා කන්කසන්තුරයට කි.මී. 10ක් දුරින් මෙකී ස්ථානය පිහිටා ඇත. අතීතයේ මේ ස්ථානයේ කුඩා වරායක් පැවතියේ යැයි පිළිගැනෙතත් එම වරාය වඩාත් දියුණු මට්ටමේ පැවති බවට හෝ මහාතිත්ථයට සාපේක්ෂව ජනාකීර්ණව පැවති වරායක් යැයි කියන්නට සාධක අඩුය. ලෝක බෞද්ධ ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය ලංකාවට ගොඩ බැස්සේ මේ ස්ථානයෙන් යැයි පිළිගැනේ. උතුරු ලංකාවේ සංචාරය කරන ඕනෑම අයෙක් මේ ස්ථානයට පැමිණිමේ පුරුද්දක් පවතී. .

මෙම ස්ථානයේ ඇති විහාරය සංඝමිත්තා විහාරය නම් වේ. ත්‍රස්තවාදී ක්‍රියා නිසා නටඹුන් බවට පත් වූ මෙම විහාරය 1997 වර්ෂයේ දී පමණ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීම මත යලි ඉදිකරන ලදී. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියේ ශාඛාවක් ද මෙහි රෝපනය කරන ලදී.