පොත්ගුල් විහාරය

පොත්ගුල් විහාරය

පොළොන්නරු රාජධානියේ අපට හමුවන පොත්ගුල් වෙහෙර පිළිමය, පරාක්‍රමබාහු පිලිමය, පුලස්ති පිළිමය යන නම්වලින් හඳුන්වනු ලබන පිළිමය ඉදිරිපිට ආසන්නයේ උස් වේදිකාවක් මත පිහිටි වෘත්තාකාර ගොඩනැගිල්ල පොත්ගුල් විහාරය යි. සම්පූර්ණයෙන්ම ගඩොලින් ගෙඩිගේ සම්ප්‍රදායට ඉදිකර ඇති මෙය වටකුරු ප්‍රාකාරයකින් වට වූ දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර පොත්ගුල් වෙහෙර එහි ඉහළතම මාලයේ පිහිටා ඇත. අලංකාර ශෛලමය උළුවස්සකින් යුතු වන අතර මලුවේ සිව් කොන කුඩා ස්ථූප සතරකි. පහත මළුව භික්ෂු කුටි වලින් යුක්තය. ගොඩනැගිල්ලෙහි පිහිටීම, උළුවස්සේ ස්වභාවය හා ඇතුළත චිත්‍ර වල ස්වභාවය අනුව මෙන් ම සෙල්ලිපියක පිහිටි සටහන් අනුව මේ පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද විහාරයක් බව නිගමනය වේ

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව