ගංගා
- ජලපෝෂක ප්රදේශ වලින් ආරම්භ වී මුහුදට ගලා බසී.
- ඉස්මත්තේදි ජලය ඉතා පැහැදිලිය,පිරිසිදුය,වේගයෙන් ගලා බසී,වාතය සමග හොදින් මිශ්ර වේ.
- පහලට යැමේදී ජලයට මැටි,රොන්මඩ,ආදිය එකතු වී බොර පැහැය ගනී. ගලා බසින වේගය අඩුය. ජලයේ දියවන වාතය ප්රමාණය අඩුය.
- ගංගා වල අතිවිශාල ජෛව විවිධත්වත්වයක් දක්නට නැති නමුත් ඒ ඒ ප්රදේශ වලට ආවේනික ජීවි විශේෂ දැකිය හැකිය.
උදා- නුවරඑළිය වැනි ප්රදේශ වල ට්රව්ට් මසුන්
- විවිධ මිනිස් ක්රියා කාරකම් නිසා ගංගා ජලය දුෂණයට ලක් වී ඇත උදා- වැලි ගොඩ දැමීම නිසා ඉවුරු කැඩි යැම, ගංගා තුලට කරදිය ගැලීම,ගංගා ගැඹුරු වීම සිදු වේ.