ඛනිජ සම්පත්

හැඳින්වීම

සම්පත් අතර ඛනිජ සම්පත් වලට වැදගත් තැනක් හිමිවේ. නියත වූත් අවශ්‍ය වූත් රසායනික සංයුතියකින් යුක්ත අනෛ්න්ද්‍රීය ද්‍රව්‍යවක් වශයෙන් ඛනිජ හඳුන්වා දිය හැකිය. පාෂාණ හා ඛනිජ අතර මනා සම්බන්ධයක් ඇත. ආග්නේය අවසාධිත විපරීත පාෂාණ සෑදී ඇත්තේ ඛනිජ වලිනි. ඛනිජ වලින් ලබා ගන්නා ප්‍රයෝජන‍ මත එහි වටිනාකම තීරණය වේ.