රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය                 පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ            තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින්     සබා

මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ            සුබා



      මෙම ගීතය සුසිල් ‍ප්‍රේමරත්න හා ලතා වල්පොල ශිල්පීන් විසින් ගුත්තිල කාව්‍ය ඇසුරෙන් ගායනා කළ ගීතයකි. ඒක ගීත තාලයක්. ගුත්තිලයේ කාව්‍යන් විවිධ තාලයන් ඔස්සේ ගායනා කළ හැකිය.