"කවිය" පිළිබඳ නිර්වචන කීපයක් ඔබේ දැනුමට

  • කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙළට යෙදීමයි.
                                                        -එස්. ටී. කොල්ර්ජ්-

  • කවිය යනු අනුත්සාහික ව ගලා එන ප්‍රබල හැඳීමයි.
                                                        -විලියම් වර්ඩ්ස්වත්-

  • පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වූ කලී කවියයි.
                                                        -විලියම් හැස්ලිට්-

  • ආකෘතික පරිසවාප්ත භාවයට එක් වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මිත වන්නේ ය.
                                                                -ටී. එස්. විලියම්-

  • කවිය යනු ස්මරණීය වර්ණාලාපයයි.
                                                          -ඩබ්. ඩී. ඕඩන්-

  • කවිය වූ කලී ජීවිතය පිළිබඳ මිනිසාගේ ප්‍රතික්‍රියා සටහන් කරවන සූක්ෂම උපකරණයකි.                       -ලුසී මැක්නීස්-

  • තමා ලද චමත්කාරය ගවේෂණය කිරීම පිණිස මිනිසා විසින් පරිහරණය කරනු ලබන භාෂාව කවිය වන්නේය.
                                                                  -ක්‍රිස්ටෝෆර් ෆයි-

  • අන් කිසිම ආකාරයකින් දැනවිය නොහැකි අරුත් ප්‍රකාශ කිරීම පිණිස වචන යොදනු ලබන විශේෂ අකාරය කවිය නම් වේ.
                                                                  -සී. ඩී. ලුවිස්-
  • එක්තැන් වූ ශබ්දය හා අර්ථය කාව්‍යය වේ.
                                                                  -රුද්‍රට-

  • දොස් රහිත වූත් ගුණ සහිත වූත් අලංකාරවලින් ශෝභා සම්පන්න වූත් ශබ්දාර්ථ දෙන්නා කාව්‍ය වන්නේය.
                                                                  -වාග්භට-
  • රසය ආත්ම කොට ගත් වාක්‍ය කාව්‍යකි.
                                                                  -විශ්වනාථ-
  • රමණීය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි.
                                                                  -ජගන්නාථ-