වචන භාවිතයෙන් තොරව සිදුවෙන සන්නිවේදනය අවාචික සන්නිවේදනයයි. මෙහි දී වචන භාවිත නොවුවත් කටහඬ භාවිතා කෙරේ. සංඥා , සංකේත , හඬ යන මාධ්‍යයන් පදනම් කරගනිමින් අවාචික සන්නිවේදනය සිදු වේ. සිරුරේ විවිධ අංග ලක්ෂණ වලින් හා ඒවා මුල්කර ගෙන ද අවාචික සන්නිවේදනය සිදු වේ. මෙය කාය භාෂාව ( body language ) ලෙස හඳුන්වයි.