ගිරි අරණේ කන්‍ය මව් තුමිය.


      මෙම චිත්‍රයෙන් නිරූපණය වන්නේ කන්‍ය මරියාවන්, ළදරු කිතුතුමන් සහ ජුවාම් නැමැති කුඩා බිළිදා සමඟ සිටින දේවධූතිකාවකි.
      මිලානෝ නුවර ශාන්ත ෆැන්සිස්කෝ ග්‍රෑන්ඩේ දේවස්ථානයේ අල්තාරයේ රාමු වලට සවි කිරීම සඳහා ලියනාඩෝ ඩාවින්චි විසින් මෙම චිත්‍රය ඇඳ ඇත. මෙවැනිම චිත්‍ර තුනක් ඔහු විසින් ඇඳ ඇති අතර, ඉන් එක චිත්‍රයක ජේසු බිළිඳා කුඩා කුරුසයක් සමඟ සිටින අවස්ථාවකි. මෙකී චිත්‍ර තුනම එක සමාන බවකින් යුක්තය. චිත්‍රය මධ්‍යෙය හි කන්‍ය මව්තුමියත්, දකුණු පසින් ජේසු බිළිඳාත් වම් පසින් ගාන්ධර්ව දේවධූතිකාව සහ ජුවාම් නැමැති කුඩා බිළිඳා ත් නිරූපණය වෙයි.
      පසුතලයේ ගල් කුළු වලින් හෙබි කඳු ආශ්‍රත පරිසරයකි. එහෙයින් මෙම චිත්‍රය ගිරි අරණේ කන්‍ය මව්තුමිය නමින් හඳුන්වයි. අඳුරු පසුබිමින් මතු වන රූප වලට තෝරාගත් ස්ථානයන් වෙත දැඩි ආලෝකය පතිත කරවමින් චිත්‍ර ඇඳීමේ සම්ප්‍රදාය (=කෙයාරෝස් කියුරෝ) භාවිතා කර ඇති බවක් හඳුනා ගත හැකිය. චිත්‍රය ඇඳීමේදී තද කොල, තල දුඹුරු යන වර්ණ යොදා ගෙන ඇති අතර, චිත්‍රෙය් ඉහළ අර්ධ වෘත්තාකාරව ඇඳ ඇත්තේ ශාන්ත ෆැන්සිස්කෝ ග්රෑ න්ඩේ දේවස්ථානයේ අල්තාරයේ රාමු වලට සවි කිරීම සඳහාය. මෙම චිත්‍ර අතුරින් කුරුසය රහිත චිත්‍රය පැරීසියේ ලූවර් කෞතුකාගාරයේද, කුරුසය සහිත චිත්‍රය ලන්ඩන් ජාතික කෞතුකාගාරයේද තැම්පත් කර ඇත.
රූපය බලමු.
මෙනුවට.