ශාන්ත ආනා සමඟ මරිය මව් සහ ජේසු බිළිඳා.මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි තම ගෝලයන් සමඟ එක්ව අඳින ලද සිතුවමකි. සන්ටිස්සිමා අනුසියාටා දේවස්ථානයේ අල්තාරය සඳහා මෙම චිත්‍රය ඇඳ ඇත. ශාන්ත ආනා (=මරිය තුමියගේ මව) මරියතුමිය ජේසු බිළිදා සහ කුඩා බැටළු පැටවෙක් චිත්‍රෙයන් නිරූපණය වේ. පසුතලය ඈතට විහිදී ගිය කඳුකර දර්ශනයකි. මුළු චිත්‍රය පුරාම ආදරය නැමැති ප්‍රේමාන්විත පණිවිඩය ගලා යයි. ක්‍රි.ව. 1508 දි පමණ අඳිනු ලැබ ඇති මෙම චිත්‍රය දැනට පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ තැම්පත් කර ඇත. |
|
| රූපය බලමු. | |
| මෙනුවට. |