පුනරුදයපුනරුදය ඇරඹෙන්නේ යුරෝපයේ සිදුවූ ආර්ථික සිදුවිමක් මුල්කරගෙනය ක්‍රි. ව. 1453 දී ඔටෝවන් තුර්කිවරුන් විසින් යුරෝපයේ ආර්ථික මධ්‍යස්ථානය වූ කොන්ස්තන්තිනෝපලය (වත්මන් ඉස්තාන්බුල් නගරය) අල්ලාගන්නා තුරු යුරෝපයේ බහුතරයක් උගතුන් වාසය කළේ කොන්ස්තන්තිනෝපල් නගරය මුල්කරගෙනය. ඊට හේතුව එය ආර්ථික අතින් සංවර්ධිත හා පහසුකම් සහිත නගරයක් වීමයි. එහෙත් තුර්කිවරුන් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමග ඒ ආශ්‍රිතව සිටි උගතුන්ට බුද්ධිමතුන්ට උදා වූයේ යහපත් කලදවසක් නොවේ. විශේෂයෙන් මේ වන විට යුරෝපයේ ආගමික අර්බුද මතුව තිබූ නිසා කිතුණු භක්තික උගතුන් ක්‍රමයෙන් කොන්ස්තන්තිනෝපලය අත්හැර යුරෝපය පුරා විසීරීගියහ. මේ විසිර යාමත් සමග එතුවක් කල් කොන්ස්තන්තිනොපලය කේන්ද්‍ර කරගෙන තිබූ බුද්ධියේ සවි ශක්තිය යුරෝපය පුරා පැතිර ගියේය. මේ සමගම යුරෝපය පුරා බුද්ධිරමය පුබුදුවක් සිදුවිය. මේ බුද්ධි ප්‍රබෝධය පුනරුදය හෙවත් පුනර්ජීවනය ලෙස හැඳින්වේ. පුනර්ජීවනය විද්‍යව, තාක්ෂණ, සාහිත්‍ය, කලා ආදී විවිධ විෂය ක්ෂේත්‍ර ආශ්‍රිතව සිදු වූ අතර චිත්‍ර කලාව හා මූර්ති කලාව ඒ අතරින් විෂයයන් දෙකකි.13 හා 14 ශතවර්ෂ වල ඉතාලිය කේන්ද්‍ර කරගෙන සිදු වූ මෙම පුනරුදය තුළ බිහි වූ චිත්‍ර මූර්ති ශිල්පීන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් ලොවට බිහි කළ කලා කෘති අගනා කලා නිධානයෝ ය.ඉතාලිය ආශ්‍රිතව ගොඩනැගුණු මෙම පිබිදීමත් සමග සතුරු ආක්‍රමණ නිසා වැනසී ගිය රෝමය ද යලි පිබිදීමක් ඇතිව දියුණු වූ අතර සැගව හෝ ආරක්ෂා වී තිබුණු රෝම කලා කෘති යලි ජනතාව අතරට පැමිණීමත් ද සිදු විය. පුබුදු යුගයේ දී කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කළ කලා ශිල්පීන් අතර 1-ලියනාඩෝ ඩා වින්චචි 2-මයිකල් ඇංජිලෝ 3-රපායෙල් සැන්ටි 4-ඇන්ඩ්‍රියා මන්ටෙග්නා 5-සැන්ඩ්‍රා බොටිසෙලී යන ශිල්පීන් ප්‍රධාන තැනක් ගනියි. |
| මෙනුවට. |