මරිය මව්තුමිය සහ කානේෂන් මල.ඩාවින්චි තම ගුරුවරයා වූ වෙරෝකියෝගේ මැදිහත්වීමක් නොමැතිව තරුණ අවධියේ දී නිර්මාණය කළ චිත්‍රයකි. ආරුක්කු සහිත ගොඩනැඟිල්ලක් තුළ, තරුණ මරිය මව් තම සිඟිති කිතුතුමන් සමඟ ආදරයෙන් ගත කරන අයුරක් නිරූපණය වන චිත්‍රයේ මරිය මව්තුමිය වම් අතින් කානේෂන් මලක් දරා සිටීන අතර බිළිදා එය ඉල්ලා සිටින අයුරක් නිරූපණය වේ. තෝරාගත් සීමිත තැන් වලට තද ආලෝකයක් දක්වා අඳුරු පසුබිමක් තුළ මානව රූප ඉස්මතු කර දැක්වීමට ශිල්පියා ගත් උත්සාහය විශිෂ්ටය. ආරුක්කු සහිත ජනේල තුළින් ඈතට විහිදී ගිය කඳුකර භූමි දර්ශනයක් නිරූපණය වෙයි. මරියතුමියගේ තරුණ බවත් බිළිඳු කිතුතුමන්ගේ මොළකැටි බවත් දැක්වීම තුළින් ශිල්පීය දක්ෂතා මැනවින් නිරූපණය වෙයි. වස්ත්‍ර වල රැලි දැක්වීම ස්වභාවිකත්වයට සමානත්වයක් දක්වමින් ඇඳ ඇත්තේ ශිල්පීය කලා කෞෂල්‍යය පිළිබිඹු කරමිනි. මෙම චිත්‍රය දැනට අල්ටෙපිනා කොටෙක් කලාගාරයේ තැම්පත් කර ඇත. |
|
| රූපය බලමු. | |
| මෙනුවට. |