නිෂ්පාදනවල ප්‍රශස්ථ ඵලදාව බෝවන කන්න
- ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය වැඩිම වන්නේ මහාකන්නයේ දීය. එයට හේතුව වියලි කලාපයට ඊසාන මෝසම් වර්ෂාව ලැබෙන නිසා වගා කරන කුඹුරු ප්‍රමාණය වැඩි වීමය.
- පොල් ඵලදාව වැඩිම වන්නේ යල් කන්නයේ දීය. එයට හේතුව ශ්‍රී ලංකාවේ වැඩිම පොල් වගා කරන ප්‍රදේශ වන තෙත් කලාපයට නිරිත දිග මෝසම් වර්ෂාව ලැබීමය.
- යල මහ දෙකන්නයේම එළවව වගා කරන බැවින් කන්න දෙකේම එළවඵ දන්නට ලැබේ. එහෙත් නියගය, අධික වර්ෂාව නිසා එළවළු වගා විනාශවීමෙන් සමහර කාලවල එළවළු හිග වීමෙන් මිල වැඩිවීම සිදුවේ.
- පළතුරු වල අස්වැන්න බොහෝ විට කාලීන වේ. අඹ අප්‍රෙල් මාසයේදීද රඹුටන්, මැන්ගුස් අගෝස්තු මාසයේද බහුල වන අතර කෙසෙල්, ගස්ලබු වසර පුරාම දක්නට ලැබේ. අන්නාසි අස්වැන්නද ඡුනි ඡූලි මාස වල සුලබ වේ.
- කිරි හා මස් වසර පුරාම ලැබුනත් ඊසානදිග මෝසම් සුලංහමන කාලයට නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් නිරිතදිග මෝසම් සුලං බල පවත්නා කාලයට දකුණු ප්‍රදේශයෙන් මුහුදු යාම අඩු නිසා එම ප්‍රදේශ වලින් ලැබෙන මත්ස නිෂ්පාදනය අඩු වේ.
|